සැහැල්ලුවෙන් Programming කරන්න [SharpDevelop]

















බොහෝවිට අපෙන් බහුතරයක් දෙනා Visual Basic, C#, C++ වගේ Programming Languages වලින් Programming කරන්න භාවිතා කරන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගමේ Visual Studio Integrated Development Environment (IDE) එකයි. එක්කෝ Express Edition එක, නැත්නම් ක්‍රැක් කරගත් “හොර කොපියක්“ තමයි අපි භාවිතා කරන්නේ. මේ එක්කම Python, Ruby, F#, Booත් භාවිතා කරන කෙනෙකුට ඒ සඳහා වෙනත් IDEs පාවිච්චි කරන්න වෙනවා MS Visual Studio වලට අමතරව.

මම මේ කියන්න හදන්නේ 100%ක් නොමිලේ ලබාගතහැකි, Visual Studio වල Setup එක විදියට එන ගිගාබයිට් 3-4ක් වෙනුවට මෙගාබයිට් 15ක් තරම්වත් නැති Setup එකක් සහිත, Visual Studio වලට හැම අතින්ම සමාන ඉතා හොඳ IDE එකක් පිළිබඳවයි.

එය නමින් ෂාප් ඩිවලොප් (SharpDevelop)!

මම මුලින්ම මේ වැඩසටහන ගැන පුංචි හැඳින්වීමක් කරන්නම්.


SharpDevelop (නැතහොත් #develop) යනු C#, Visual Basic.net, Boo, F#, Python සහ Ruby යන ක්‍රමලේඛ භාෂා සඳහා සහය දක්වන මයික්‍රොසොෆ්ට් .NET, Mono, Gtk# සහ Glade# සඳහා වන විවෘත හා නිදහස් Integrated Development Environment එකක්.

මේක ඇත්තටම නිර්මාණය කළේ Microsoft Visual Studio වෙනුවට භාවිතා කළ හැකි බරින් අඩු, විශේෂයෙන්ම නොමිලේ ලබාදෙන විකල්පයක් විදියටයි. ඒ වගේම මෙහි බොහෝදුරට Project management, Code Editor, Debugging වැනි Visual Studio Express හි ඇති සියලුම අංග ඇතුළත්. තවත් විශේෂ කාරණයක් තමයි මේ මෘදුකාංගය Visual Studio වලින් නිර්මාණය කළ Projects Files සමගත් ඉතා හොඳින් ගැලපී වැඩකිරීම. මේ හරහා ඔබේ .NET Applications ඩොට්නෙට් 2.0, 3.0, 3.5, 4.0 සහ .NET Compact Framework 2.0 and 3.5 සඳහා Compile කිරීමේ හැකියාවද තිබෙනවා. මේවනවිට SharpDevelop ලොවපුරා මිලියන 6ක් පමණ දෙනා භාවිතා කරනවා.

SharpDevelop ලියා තිබෙන්නේ C# ක්‍රමලේඛ භාෂාවෙන්.

මම කිව්වනේ මේක Visual Studio වලට සමානයි කියලා. මේ පහළින් තියෙන්නේ SharpDevelop ප්‍රධාන අතුරුමුහුණත. බලන්න ඇත්තටම සමානයි නේද? දැනට ගිගාබයිට් ගාණක Visual Studio සමග වැඩකරන කෙනෙකුට වුණත් තත්පර කීපයක් ඇතුළත මේ අතුරුමුහුණතට හුරුවෙන්න පුලුවන්. පැහැදිලි වෙනස්කම් නැති තරම්!

Visual Studio වල ඔබ Reporting සඳහා භාවිතා කළ Crystal Reports වෙනුවට මෙහි SharpDevelop Reports නමින් ඉතා හොඳ Reporting Tool එකක්ද තිබෙනවා. මෙය ඔබේ Project එකට File >> New >> File >> Misc තුළින් එකතු කරගතහැකියි.


  • මේ වැඩසටහන ඔයාට මෙතැනින් Download කරගන්න පුලුවන්.
14.2 MB

  • ඊට අමතරව ඔබේ පරිගණකයේ .NET FRAMEWORK 4.0 ස්ථාපනය කර තිබීමත් වැදගත්. ඔබේ පරිගණකයේ එය ස්ථාපිත නැති නම් මෙතනින් අය අර ගන්න.

48 MB
  • ඒවාගේම MS Windows SDK එකත් Install කිරීමෙන් ඔබට ඉතා හොඳින් අවශ්‍ය සියලුම ක්‍රමලේඛ කටයුතු #Develop වලින් කරගතහැකියි Visual Studio භාවිතා නොකරම. ඒ නැතත් වැඩකරන්න පුලුවන්.
570 MB




 Kinith Hettiarachchi

Author: Kinith Hettiarachchi

QA Engineer at Ecode Lanka Software (Pvt) Limited
blog :: http://kinith.blogspot.com