USB Virus වලට තිත [smadav 2013 v 9.1 pro]
















බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි යාළුවෙක්ගෙ හරි, වෙනත් නොදන්නා කෙනෙකුගෙ memory card, pen drive හෝ flash drive එකක් තමන්ගෙ පරිගණකයට සම්බන්ධ කරන්න උනාම ඒවයින් Virus, Malware වගේ හානිකර වැඩසටහන් පරිගණකයට ඇතුළු වීම. ඔබට ප්‍රති වෛරස් වැඩසටහනක් තිබුනත් ඇතැම්විට එයටත් හොරා autorun ලෙස සකසා තිබෙන කරදරකාරී වැඩසටහන් ඇතුළු වෙන්න පුළුවන්.

Smadav කියන්නෙ USB ආරක්ෂක ප්‍රති වෛරස් මෘදුකාංගයක්. දැන් බොහෝ දෙනෙකුට කරදරයක් වෙලා තියෙන autorun virues, original file hide වෙලා exe file හැදෙන virus වගේ බොහොමයක්ම නවත්වන්න මෙයට පුළුවන්..
ඉතා කුඩා මෘදුකාංගයක් උනත් සපයන ආරක්ෂාව නම් ඉතා ඉහලයි..

සාමාන්‍ය විදියට setup file එක install කරගෙන keygen එකෙන් serial key එකක් generate කරන් register කරගන්න. Update කරන්නත් පුළුවන් ගැටළුවක් නැතුවම...

1.35 MB

Windows Desktop Themes ලේසියෙන් හදන්න [Rainmeter-2.5]














මේ මෘදුකාංගයෙන් ඔබට windows XP, 7, 8 යන සංස්කරණ සඳහා අලංකාර desktop Themes නිර්මාණය කරගන්න පුළුවන්. ඔබේ හැකියාව අනුව desktop එකට අධිතාක්ෂණික පෙනුමක් මෙයින් ලබාගන්න පුළුවන්. මෙයට අදාල විවිධ desktop widgets තියෙන නිසා තවත් පහසුයි. RAM Usage, CPU usage, HDD usage & Health සහ තවත් බොහොමයක් තොරතුරු දැන ගැනීමේ widgets මේකට ඇතුළත්..

මේ Themes edit කරන්න user friendly ඉතාමත් පහසු code ක්‍රමයකුත් තියෙනවා. එහි Values වෙනස් කිරීමෙන් Themes ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්නත් පුළුවන්... මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්..

1.32 MB

All in One Internet Browser [Torch Browser]













මේකත් දැන් බොහොමයක් ජනප්‍රිය browser එකක්. ඇත්තටම මේකෙ Google Chrome browser එකට සෑම අතින්ම සමානයි. Torch Browser එක ගොඩ නඟල තියෙන්නෙත් ඇත්තටම Google Chrome Core එක භාවිතා කරලා. ඒ නිසා Google Chrome සඳහා භාවිතා කරන ඕනෑම Plugin , Extension එකක් මේකටත් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා.
වැදගත් දේ තමයි අපි වෙන වෙනම භාවිතා කරන මෘදුකාංග කිහිපයක් මේකටම ඈඳා තිබීම. Torch Browser එකටම Media Downloader එකක්, Bit Torrent Clint එකක් සහ ඕනෑම දෙයක් ක්ෂණිකව Social Network වෙත share කිරීමේ පහසුකම් ඇතුළත්.
මේ නිසා ඕනෑම Online Video එකක් Play වෙන අතර තුර IDM වැනි මෘදුකාංග නොමැතිව download කරන්නත්, Torrent files තමන්ටත් නොදැනීම download කරගන්නත් පුළුවන්..
තව Facebook, Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඔබේ පරිගණකයේ Theme එක වෙනස් කරන්නත්, ඕනෑම video file format එකක් Torch Media Player මඟින් Play කරන්නත් පුළුවන්.
අනිත් සියළුම සැකසුම් 99% ක් Google Chrome වලට සමානයි.. මෙහි Browsing Speed එකත් සාපේක්ෂව තරමක් වැඩියි කියන්නත් පුළුවන්. Firefox වගේ පරිගණක RAM මතකය අනවශ්‍ය ලෙස නාස්තිවීමක් හෝ Stuck වීම් සිදු වෙන්නෙ නෑ..

49.3 MB

ඔබේ පරිගණකයත් motion sensitive කරගන්න.. [Flutter]









ඔබේ web cam එක හරහා අංග චලනයන් හඳුනා ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය හැකි අපූරු කුඩා මෘදුකාංගයක් තමයි Flutter App කියන්නෙ. මූලිකවම Media Player වැනි ක්‍රියාකාරීත්වයෙන් යුතු මෘදුකාංග සමඟ ක්‍රියා කරන්න තමයි මේක සකස් කරල තියෙන්නෙ. නමුත් ඔබට Power Point හෝ Google Chrome මඟින් අන්තර්ජාලයේ ඇති Video එකක්  නරඹන අවස්ථාවකදි උනත් මේක ප්‍රයෝනවත් කරගන්න පුළුවන්.

මේක ප්‍රධාන අංග චලන 3 ක් සඳහා ප්‍රථිචාර දක්වනවා. උදාහරණායක් විදියට ඔබ VLC Player එක භාවිතයෙන් යම් Video එකක් නරඹනවායි සිතමු. එවිට වෙබ් කැමරාව ඔබ ඉදිරියෙන් නම්, පහත හස්ත චලනයන් මඟින් player එක ක්‍රියාකරවන්න පුළුවන්. ඔබ අත චලනය කරන්න අවශ්‍ය නැහැ. කැමරාවට හොඳින් පෙනෙන්න රූපයේ හැඩයට තබාගෙන සිටීම පමණක් ප්‍රමාණවත්.


එවිට webcam එක මඟින් අදාල චලනය හඳුනා ගෙන ඒ අනුව ක්‍රියා කරනවා.
3.6 MB
මෘදුකාංගය සාමාන්‍ය විදියට Install කරගන්න පුළුවන්. ඒක run වෙන්නෙ Task bar එකෙහි System Tray කොටසේ.මෘදුකාංගය Run වෙන අවස්ථාවේ Icon එක පහත පරිදි වර්ණ ගැන්වෙනවා.

ඒ මත right click කිරීමෙන් අපිට අවශ්‍ය පරිදි settings වෙනස් කර ගන්න පුළුවන්.


Auto Select කියන එක select කරාම ඉහත application list එකෙන් ඕනම එකක් ඔබ භාවිතා කරන අවස්ථාවේදී ස්වයංක්‍රීයවම Flutter මෘදුකාංගයත් ක්‍රියාත්මක වෙනවා. එසේ අවශ්‍ය නැත්නම් ඔබ කැමති මෘදුකාංග පමණක් තෝරා දෙන්න පුළුවන්.
You Tube වැනි Video වෙබ් අඩවි සමඟත් මේක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් Google Chrome extension එක install කරගත යුතුයි.

C cleaner Professional & Business Edition












පරිගණකයේ Hard disk එක සහ Registry කොටස් වල අනවශ්‍ය data ඉවත් කිරීමට දැනට ඇති ජනප්‍රියම හා හොඳම මෘදුකාංගය C cleaner කිව්වොත් නිවැරදියි. පරිගණකයේ ඇති අනවශ්‍ය memory/data කොටස් ඉවත් කරලා එහි performance වැඩි කිරීම තමයි මෙහි ප්‍රධාන කාර්යය. Junk files, Temporary cache file , Registry errors සහ මෘදුකාංග සහ app වල errors නිසා නාස්තිවන memory ප්‍රමාණය මේකෙන් recover කරගන්න පුළුවන්.
මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.. නමුත් Free edition එකට අමතරව Professional Edition සහ Business Edition දෙකකුත් තියෙනවා. ඒව ගන්නව නම් $32 ක් වැය වෙනවා. නොමිලේ දෙන Free Edition එකට වඩා Professional Edition සහ Business Edition දෙක හොඳයි කියන්න අමුතුවෙන් අවශ්‍ය නෑනේ.
බොහෝ දෙනෙක් දැනටමත් Free Edition එක භාවිතා කරනවා. නමුත් දැන් මේ ඔබට දෙන්නෙ Professional Edition සහ Business Edition දෙක නොමිලේ..

4.37 MB

  • මුලින්ම setup file එක සාමාන්‍ය විදියට Install කරගන්න. නමුත් මතක ඇතුව පහත රූපයේ විදියට Install කරගන්න කොටම Automatic Updates Off කරගන්න.
  • ඊට පස්සෙ Activator කියන folder එක ඇතුලෙ තියෙන  Professional Edition සහ Business Edition දෙකට අදාල Files දෙකෙන් ඔබ කැමති Edition එකට අදාල file එක Install කරගන්න.
  •  Professional Edition එකට වඩා Business Edition එක තරමක් හොඳයි කියන්න පුළුවන්... කොහොම උනත් ඔබේ කැමැත්තට අදාල Edition එකක් Install කරගන්න.

Password වෙනුවට මුහුණ පෙන්වා පරිගණකයට Log වෙන්න


















විද්‍යාත්මක හා තාක්ෂණික චිත්‍රපට වල ඔබ දැක ඇති ඔවුන්ගේ පරිගණක පද්ධති වලට ඇතුළු වීමේදී මුහුණ scan කර හදුනාගන්නවා. ඒක ප්‍රබන්ධයක් නොවී සාමාන්‍ය පරිගණක වන ඔබේ පරිගණකයටත් ඒ තාක්ෂණය ඇතුළත් කරන්න පුළුවන්.
මෙහිදී පරිගණකයේ සාමාන්‍යයෙන් අපි යොදන මුර පදය වෙනුවට මෙය භාවිතා කරන්නත් පුළුවන්. සාමාන්‍ය password එකක් ඕනම කෙනෙක්ට ඔබ නැති වෙලාවට භාවිතා කරල පරිගණකයට Log වෙන්න පුළුවන් උනාට මේ තාක්ෂණය නිසා එහෙම හැකියවක් නැහැ. මෙහිදී ඔබේ මුහුණම හඳුණා ගැනීමට නොහැකි උනොත් පරිගණකයට Log වෙන්න වෙනත් කෙනෙකුට බැහැ. මේ Luxand Blink මෘදුකාංගයේ Free version එක නොමිලේ ලබා දුන්නත් Pro Version එක නොමිලේ ලබා ගන්න බැහැ. නමුත් මේ දැන් ලබා දෙන්නෙ Pro version එක.
Pro version එකේ ඇති වාසිය නම් ඔබ මුලින්ම පරිගණකයට Log වෙන අවස්ථාව විතරක් නෙවෙයි පරිගණකය භාවිතා කරන අවස්ථාවේදී පවා පරිගණකය ඉදිරිපිට සිටින්නේ ඔබමදැයි පරීක්ෂා කරනවා. තත්පර 60 ක් හෝ ඔබට කැමතී කාල ප්‍රාන්තරයක් මේකට ලබා දෙන්න පුළුවන්.
(Web cam එකක් තිබීම අනිවාර්යයි)

20.34 MB
  • මුලින්ම මේකෙ setup file එක සාමාන්‍ය විදියට Install කරගන්න.
  • ඊට පස්සෙ Active Pro Version link එක මත click කරන්න.
  • Serial Number එකක් ඉල්ලන ස්ථානයට Keygen file එක run කරාම ලැබෙන Serial එක ඇතූළත් කරන්න.
  • ඉහත විදියට settings හදාගන්න.
  • පරිගණකයට මුලින්ම ඔබේ මුහුණ හඳුනා ගැනීමේදී වමේ සිට දකුණට සෙමෙන් මුහුණ හරවන්න.
  • සමාන්‍යයෙන් මෙහිදී ඔබේ විවිධ ඉරියව් ඇතුළත් පින්තූර 50 කට අධික සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒ පින්තූර සමඟ සැසදීමෙන් තමයි ඔබේ මුහුණ පරිගණකය විසින් හදූනා ගන්නේ.
  • History මඟින් ඔබේ පරිගණකයට Log වූ අවස්ථාවල ගත් පින්තූර ඇතුළත් වෙනවා.
  • Pro settings මඟින් ඉහත සඳහන් කළ පරිදි පරිගණකයට Log වූ පසු භාවිත කරන්නේ ඔබමදැයි හඳුනා ගැනීමට අවශ්‍ය settings ඇතුළත් වෙනවා.
මෙය සාමාන්‍ය අවස්ථාවේදී පරිගණකයේ Task bar එකෙහි System Tray කොටස තුළ Run වෙනවා.

Partition Manage කරන්න හොඳම එක [MiniTool Partition Wizard]


















Hard Disk එකේ අපි Partition වෙන් කරන්නෙ බොහෝ විට format කරන අවස්ථාවේදීමයි. ඒත් විවිධ කරුණු නිසා ඊට පසුව අළුත් Partition එකක් සාදාගන්න අවශ්‍ය උනොත් හරි තියෙන Partition එකක ප්‍රමාණය වෙනස් කරන්න අවශ්‍ය උනොත් ?
My Computer >> Disk manage වලින් කරන්න පුළුවන් සීමිත ක්‍රියාවන් කිහිපයක් පමණයි. විශේෂයෙන් C Partition එක සම්බන්ධව වෙනස්කම් ඒකෙන් සිදු කරන්නම බැහැ.
ඒකට තියෙන හොඳම freeware විසඳුමක් තමයි MiniTool Partition Wizard මෘදුකාංගය. මේකෙන් Partition සම්බන්ධ ඕනෑම ක්‍රියාවක් පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්..


  • Convert NTFS to FAT. 
  • Change Font.
  • Convert MBR Disk to GPT Disk. 
  • Convert GPT Disk to MBR Disk.
  • Copy Dynamic disk volume. 
  • Copy UEFI boot disk.
  • Fully support UEFI boot.
  • Extend partition with one step.
  • Split one partition into two safely.
  • FULLY Support 4096-byte-sector-based hard drive.
  • Align all partitions or align a specified partition to optimize hard drive performance.
  • Resize/Move Partition: Easily resize/move partition without data loss.
  • Create, Format, Delete Partition.
  • Convert Partition format from FAT to NTFS.
  • Hide and Unhide Partitions, set active partition, label drive letter.
  • Hot Extend Partition without reboot.
  • Change cluster size without data loss.
  • Partition Copy: Copy entire partition to unallocated space with high performance file-by-file. moving technology. Backup or move data without any data loss.
  • Partition Recovery: Scan disk to restore deleted or damaged partitions.
  • Hard Disk Copy: Copy an entire disk to a different disk quickly and easily with data clone technology. Backup disk data without data loss.
  • Support Windows 32/64 bit Operating Systems.
  • Visually demonstrate your disk/partition configuration to preview changes before apply.
  • Support RAID.
  • Support single disks or partitions larger than 2 TB
  • Support up to 32 hard disks within one system.
  • Set partition as primary.
  • Set partition as logical.
  • Rebuild MBR.
  • Disk Surface Test.
  • Partition Surface Test.
  • Change Partition Serial Number.
  • Change Partition Type ID.
මීට අමතරව Bootable CD එකක ආධාරයෙන් සීමා පැනවීමකින් තොරව Partition සම්බන්ධ ඕනෑම කටයුත්තක් කරගන්න පුළුවන්. මේ සියල්ල සිදුකර ගන්නා ආකරය Software එකෙහි Help menu එකෙහි පැහැදිලිව දක්වලා තියෙනවා..
10.85 MB

Photo වලට ලස්සන Effects දාන්න [Google Picasa]
















මෙය Google සමාගමෙන් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.. මෙමඟින් ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් Photos Edit කිරීම හා විවිධ effects ඇතුළත් කිරීම කරන්න පුළුවන්.
තවද සාමාන්‍යයෙන් windows වලදි අපි යම් image එකක් preview කරනකොට Open වෙන්නෙ Windows Photo Viewer තුළින්. නමුත් සමහර වෙලාවට Digital Camera මගින් ගන්නා mega Pixel ගණන තරමක් වැඩි Photos මේ තුළින් නැරඹීමේදී load වෙන්න ගතවන කාලය වැඩියි. ඒ වගේම ඇතැම්වා stuck වෙනවා.

Picasa Install කරගෙන default Image Viewer එකට ඒක ලබා දුන්නම ඉතාම පහසුවෙන් හා ඉක්මනින් ඕනෑම අධික ධාරිතාවයෙන් යුතු Image පවා load වෙනවා. මෙහි preview වීම සිදුවන්නේ Light-box ආකාරයට නිසා quality එක වැඩි රූප පවා ඉක්මනින්ම load වෙනවා.

මෙහි අළුත් සංස්කරණයේ image effects 24 ක් හදුන්වා දීලා තියෙනවා. ඒ වගේම තනි click එකකින් ඔබේ පින්තූර G+ හරහා share කිරීමේ හැකියාවත් ලබා දීල තියෙනවා.   

14.2 MB

Android Lock එක දැන් ඔබේ පරිගණකයටත්



















Android Lock keypad Lock එක ඉතාමත් ජනප්‍රිය හදුන්වාදීමක් උනා එහි පහසුවත් ආකර්ෂණීය බවත් නිසා. සාම්ප්‍රදායික password input ක්‍රමයෙන් වෙනස්ව මේ ඇන්ඩ්‍රොයිඩ් keypad Lock එක වගේ එකක් මඟින් ඔබේ පරිගණකයේ ආරක්ෂාව තහවුරු කරන්න දැන් ඔබට පුළුවන්. මේක ක්‍රියාත්මක වෙන්නෙ අපේ පරිගණකයේ ප්‍රධාන Password එකට අමතරව දෙවන password එකක් විදියට. නමුත් ඔබට අවශ්‍ය නම් ප්‍රධාන password එක ඉවත් කරල මේ App එක ප්‍රධාන මුරපදය විදියට භාවිතා කරන්න පුළුවන්.

මේකෙ Point Pad එක අපිට අවශ්‍ය පරිදි 3x3, 4x4 හෝ 5x5 විදියට භාවිතා කරන්න පුළුවන්.


  • මුලින්ම මෘදුකාංගය install කරාට පස්සෙ open වෙන window එකේ පහල මෙහෙම button set එකක් තියෙනවා.
  • Reset Pattern - Lock එකේ රටාව මුල් තත්වයට හරවයි. (Z අකුරක හැඩය)
  • Backup Pattern - ඔබ ඇතුළත් කළ Lock රටාව Image එකක් ආකාරයට save කිරීමට හැකිය.
  • Points - මේකෙන් Lock එකේ Buttons ගණන තේරීමට හැකිය. (3x3, 4x4 හෝ 5x5)

General Tab එකට ගියාම ඉහත පරිදි settings වෙනස් කර ගන්න පුළුවන්. 
  • Auto Lock at Windows Startup : On කරන්න.
  • අනෙකුත් Settings ඔබ කැමති ආකාරයට සකසා ගන්න.
  • Alert Text කියන තැනට Lock වීමේදී පෙන්වීමට අවශ්‍ය පණිවුඩයක් ඇතුළත් කරන්න.
Background කියන tab එකට ගියාම ඉහත ආකාරයට Lock එක ක්‍රියාත්මක වීමේදී යොදන්න අවශ්‍ය background image එකක් තෝරන්න පුළුවන්.

ඇතැම් වෙලාවට Registration Code එකක් ඉල්ලාවි. ඒ මේකෙම PRO version එක ලබා ගන්න. ඒක ආවම SKIP කරන්න.
816 KB

Webcam එක Spy Cam එකක් බවට හරවන්න



















මේක ඉතාමත් සරල කුඩා මෘදුකාංගයක්. මේක ක්‍රියාත්මක කරාම, අපි ලබා දෙන කාල ප්‍රාන්තරයක් තුලදී ස්වංක්‍රීයවම අපේ Webcam එකෙන් Photo Capture වීම තමයි මේකෙන් සිදුවන්නේ.
අපේ පරිගණකය සමඟ External Webcam එකක් භාවිතා කරනවායි සිතමු. එතකොට ඔබට පුළුවන් Webcam එක ඔබේ ආයතන පරිශ්‍රයේ හෝ වෙනත් තැනක සවි කරල ත්ත්පරෙන් තත්පරයට හෝ ඔබ කැමති ඕනෑම කාල ප්‍රාන්තරයක් තුළ පින්තූර ලබා ගන්න. ඒ සෑම පින්තූරයකම දිනය හා වේලාව සටහන් වන නිසා හඳුනා ගැනීමට පහසුයි.
මේ Portable ගණයේ මෘදුකාංගය Run වීම පරිගණකයට නොදැනෙන තරම්. මෙමඟින් ලබා ගන්න පින්තූර ඔබට කැමති තැනක save කිරීමටත්, Webcam එකේ quality එක අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත් හැකියි.

 
  1. ඔබගේ webcam එකේ brightness වෙනස් කිරීම ආදී settings සැකසීමේ මෙනුව.
  2. පරිගණකය හා සම්බන්ධිත කැමරා තේරීම.
  3. මෙහිදී software එක close කළ විට exit නොවී task bar එකෙහි System tray කොටසට minimize වෙනව.ඒ වගේම දිගින් දිගටම ලබා දුන් කාල ප්‍රාන්තරය තුල පින්තූර ලබා ගැනීම සිදු කරනවා.
  4. ලබා ගන්න පින්තූරවල Quality එක, save විය යුතු ස්ථානය, දිනය හා වේලාව පින්තූරය මත print විය යුතු ආකාරය සහ පින්තූර ලබා ගන්නා කාල ප්‍රාන්තරයට අදාල සැකසුම්..
53.0 KB