ඉක්මනටම Video වලට Subtitle එකතු කරන්න [FreemakeVC]














සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් Movies  , TV series බලන්නෙ සිංහල subtitle එක්ක. එතකොට original movie file එක වෙනමයි subtitle file එක වෙනමයි අරගෙන තමයි බලන්නෙ. සමහර වෙබ් අඩවි වෙනත් අය මහන්සියෙන් ලියපු subtitle files පොඩ්ඩක් වෙනස් කරල ආපහු තමන්ගෙ වගේ දෙන අවස්ථාත් තියෙනවා.

කොහොම උනත් මේ මෘදුකාංගයෙන් කරන්නෙ Subtitle file එක අදාල Video file එක තුලටම ඇතුලත් කරල තනි Video file එකක් output එක විදියට ගන්න එක. නමුත් මේ මෘදුකාංගය මූලිකවම නිපදවලා තියෙන්නෙ Video Converter කටයුතු සඳහා. ඒ නිසා ඔබට ඒ සඳහා මේක යොදා ගන්නත් පුළුවන්. ඇත්තටම මේකෙන් දැනට භාවිතයේ පවතින ඕනෑම format එකකට convert කරගන්න හැකියාව තියෙනවා.

ඔබ subtitle dub කරපු Video file එක ධාරිතාවයෙන් වැඩියි කියල ඔබට හිතෙනව නම් ඉතාම පහසුවෙන් ඊට වෙනස් file format එකකට convert කරලම Save කරගන්න පුළුවන්.. යම් Video file එකක් කොටස් දෙකකින් යුක්ත නම් ඒ කොටස් දෙකම එකතු කරල තනි file එකකට merge කරගන්නත් පුළුවන්.

මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන මෘදුකාංගයක්. මේක ස්ථාපනය කරද්දි විවිධ tool bars Install කරන්න අහවි. ඒව skip කරන්න..
 
929.9 KB
දැන් Video file එකකට subtitle ඇතුළු කර ගන්න හැටි බලමු.

  1.   සළකුණ මඟින් ඕනෑම format එකක Video file ඇතුළු කර ගන්න.
  2. අදාල Video file එකේ subtitle file එක මෙහි දක්වා ඇති ස්ථානයට බලා දෙන්න. 
  3. දැන් පහලින් ඇති කැමති format එකකින් ඔබේ Video file එක convert කරගන්න..
ඔබට කැමති තැනකින් Video එක cut කරන්න සහ සුළු සුළු editing කටයුතු කරන්න ඉහත ඇති "කතුරක" සළකුණ භාවිතා කරන්න පුළුවන්. කොළ පැහැති Play button එකෙන් අදාල video preview එකක් ලබා ගන්න පුළුවන්..