Duplicate file ලේසියෙන්ම ඉවත් කරමු [Duplicate file finder]












ඔබට එකවර Image files හෝ MP3 files ඉතා විශාල ගණනක් ලැබුණයි සිතන්න. එසේ නැති නම් ඔබේ පරිගණකයේ mp3, images, videos file විශාල ප්‍රමාණයක් තිබේ නම් ඒ අතර එකම file එක නැවත නැවත එකම නමින් හෝ වෙනස් නම් වලින් පැවතීමට හැක. (Copy/Clone files)
ඒක පරිගණකයේ memory නාස්ති කිරීමක් වගේම ඔබ අපහසුවට පත් කරනවා වෙන්න පුළුවන්. එයට කදිම විසඳුමක් තමයි මේ Duplicate file finder මෘදුකාංගය. මෙමඟින් ඔබට පරිගණකයේ එකම file එකක වෙනත් copy තිබේ නම් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්.

මේකෙන් මූලිකවම files වල file name, size සහ hash algorithm එක පරීක්ෂාවට ලක් කරල එක හා සමාන files තෝරා බේරා ගැනීමට ලක් කරනවා. ඔබට අවශ්‍ය partition එකක පමණක් හෝ අවශ්‍ය file types (Audio,Video,Images,Archives,Applications) පමණක් search කිරීමට ලක් කර හැකියි. ඒ වගේම අවශ්‍ය files වල size limit එකක් යටතේ duplicate files search කිරීම සිදු කළ හැකිය.

ඉන්පසු එම duplicate files සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් මකා දමනවා ද, Recycle bin එකට යවනවාද හෝ Rescue center වෙත යවනවාද යන්නත් ඔබේ අභිමතය පරිදි සිදු කරගත හැකිය.

4.56 MB