PDF ගොඩාක් තනි file එකකට merge කරන්න [Weeny pdf Merger]









PDF file ඕනම සංඛ්‍යාවක් තනි PDF එකකට ගොණු කරන්න මේ මෘදුකාංගයෙන් පුළුවන්. මීට අමතරව PDF file වලට watermark ඇතුළත් කරන්න, ඒවාට හිමිකාරීත්ව තොරතුරු (Author info) ඇතුළත් කරන්න, Password මඟින් PDF ගොණු ආරක්ෂා කරන්න ඇතුළු තවත් බොහොමයක් PDF files හා අදාල දේවල් මේකෙන් ඉටුකරගන්න පුළුවන්..

මේක පරිගණකයට Install කරන කොට දෙවැනි පියවරේදී පොඩි වෙනස් කමක් කරගන්න ඕන නැත්නම් අපේ browser එකට ඔවුන්ගේ Toolbar එක install වෙනවා..


එච්චරයි. අනිත් සියල්ල සාමාන්‍ය මෘදුකාංගයක් Install කරනකොට වගේමයි.. මේක Freeware එකක් නිසා crack/patch අදාල වෙන්නෙ නෑ..

3.68 MB

මේකෙ අතුරු මුහුණත (Interface) ඉතාමත් සරලයි. අදාල PDF file එකක් හෝ කිහිපය Add කරල Merge Now! button එක Click කරන්න විතරයි අවශ්‍ය..

PDF එකට ඉහත සඳහන් කරපු Watermark, Security settings ඇතුළත් කරන්න අතුරු මුහුණතේ (Interface) පහලම තියෙන Settings වෙත ගිහින් පුළුවන්..