ඔබේ පරිගණකයත් motion sensitive කරගන්න.. [Flutter]









ඔබේ web cam එක හරහා අංග චලනයන් හඳුනා ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය හැකි අපූරු කුඩා මෘදුකාංගයක් තමයි Flutter App කියන්නෙ. මූලිකවම Media Player වැනි ක්‍රියාකාරීත්වයෙන් යුතු මෘදුකාංග සමඟ ක්‍රියා කරන්න තමයි මේක සකස් කරල තියෙන්නෙ. නමුත් ඔබට Power Point හෝ Google Chrome මඟින් අන්තර්ජාලයේ ඇති Video එකක්  නරඹන අවස්ථාවකදි උනත් මේක ප්‍රයෝනවත් කරගන්න පුළුවන්.

මේක ප්‍රධාන අංග චලන 3 ක් සඳහා ප්‍රථිචාර දක්වනවා. උදාහරණායක් විදියට ඔබ VLC Player එක භාවිතයෙන් යම් Video එකක් නරඹනවායි සිතමු. එවිට වෙබ් කැමරාව ඔබ ඉදිරියෙන් නම්, පහත හස්ත චලනයන් මඟින් player එක ක්‍රියාකරවන්න පුළුවන්. ඔබ අත චලනය කරන්න අවශ්‍ය නැහැ. කැමරාවට හොඳින් පෙනෙන්න රූපයේ හැඩයට තබාගෙන සිටීම පමණක් ප්‍රමාණවත්.


එවිට webcam එක මඟින් අදාල චලනය හඳුනා ගෙන ඒ අනුව ක්‍රියා කරනවා.
3.6 MB
මෘදුකාංගය සාමාන්‍ය විදියට Install කරගන්න පුළුවන්. ඒක run වෙන්නෙ Task bar එකෙහි System Tray කොටසේ.මෘදුකාංගය Run වෙන අවස්ථාවේ Icon එක පහත පරිදි වර්ණ ගැන්වෙනවා.

ඒ මත right click කිරීමෙන් අපිට අවශ්‍ය පරිදි settings වෙනස් කර ගන්න පුළුවන්.


Auto Select කියන එක select කරාම ඉහත application list එකෙන් ඕනම එකක් ඔබ භාවිතා කරන අවස්ථාවේදී ස්වයංක්‍රීයවම Flutter මෘදුකාංගයත් ක්‍රියාත්මක වෙනවා. එසේ අවශ්‍ය නැත්නම් ඔබ කැමති මෘදුකාංග පමණක් තෝරා දෙන්න පුළුවන්.
You Tube වැනි Video වෙබ් අඩවි සමඟත් මේක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් Google Chrome extension එක install කරගත යුතුයි.