Webcam එක Spy Cam එකක් බවට හරවන්න



















මේක ඉතාමත් සරල කුඩා මෘදුකාංගයක්. මේක ක්‍රියාත්මක කරාම, අපි ලබා දෙන කාල ප්‍රාන්තරයක් තුලදී ස්වංක්‍රීයවම අපේ Webcam එකෙන් Photo Capture වීම තමයි මේකෙන් සිදුවන්නේ.
අපේ පරිගණකය සමඟ External Webcam එකක් භාවිතා කරනවායි සිතමු. එතකොට ඔබට පුළුවන් Webcam එක ඔබේ ආයතන පරිශ්‍රයේ හෝ වෙනත් තැනක සවි කරල ත්ත්පරෙන් තත්පරයට හෝ ඔබ කැමති ඕනෑම කාල ප්‍රාන්තරයක් තුළ පින්තූර ලබා ගන්න. ඒ සෑම පින්තූරයකම දිනය හා වේලාව සටහන් වන නිසා හඳුනා ගැනීමට පහසුයි.
මේ Portable ගණයේ මෘදුකාංගය Run වීම පරිගණකයට නොදැනෙන තරම්. මෙමඟින් ලබා ගන්න පින්තූර ඔබට කැමති තැනක save කිරීමටත්, Webcam එකේ quality එක අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත් හැකියි.

 
  1. ඔබගේ webcam එකේ brightness වෙනස් කිරීම ආදී settings සැකසීමේ මෙනුව.
  2. පරිගණකය හා සම්බන්ධිත කැමරා තේරීම.
  3. මෙහිදී software එක close කළ විට exit නොවී task bar එකෙහි System tray කොටසට minimize වෙනව.ඒ වගේම දිගින් දිගටම ලබා දුන් කාල ප්‍රාන්තරය තුල පින්තූර ලබා ගැනීම සිදු කරනවා.
  4. ලබා ගන්න පින්තූරවල Quality එක, save විය යුතු ස්ථානය, දිනය හා වේලාව පින්තූරය මත print විය යුතු ආකාරය සහ පින්තූර ලබා ගන්නා කාල ප්‍රාන්තරයට අදාල සැකසුම්..
53.0 KB