All in One Internet Browser [Torch Browser]













මේකත් දැන් බොහොමයක් ජනප්‍රිය browser එකක්. ඇත්තටම මේකෙ Google Chrome browser එකට සෑම අතින්ම සමානයි. Torch Browser එක ගොඩ නඟල තියෙන්නෙත් ඇත්තටම Google Chrome Core එක භාවිතා කරලා. ඒ නිසා Google Chrome සඳහා භාවිතා කරන ඕනෑම Plugin , Extension එකක් මේකටත් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා.
වැදගත් දේ තමයි අපි වෙන වෙනම භාවිතා කරන මෘදුකාංග කිහිපයක් මේකටම ඈඳා තිබීම. Torch Browser එකටම Media Downloader එකක්, Bit Torrent Clint එකක් සහ ඕනෑම දෙයක් ක්ෂණිකව Social Network වෙත share කිරීමේ පහසුකම් ඇතුළත්.
මේ නිසා ඕනෑම Online Video එකක් Play වෙන අතර තුර IDM වැනි මෘදුකාංග නොමැතිව download කරන්නත්, Torrent files තමන්ටත් නොදැනීම download කරගන්නත් පුළුවන්..
තව Facebook, Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඔබේ පරිගණකයේ Theme එක වෙනස් කරන්නත්, ඕනෑම video file format එකක් Torch Media Player මඟින් Play කරන්නත් පුළුවන්.
අනිත් සියළුම සැකසුම් 99% ක් Google Chrome වලට සමානයි.. මෙහි Browsing Speed එකත් සාපේක්ෂව තරමක් වැඩියි කියන්නත් පුළුවන්. Firefox වගේ පරිගණක RAM මතකය අනවශ්‍ය ලෙස නාස්තිවීමක් හෝ Stuck වීම් සිදු වෙන්නෙ නෑ..

49.3 MB