Color Code ලේසියෙන්ම හොයාගන්න [ColorSpy]












මූලිකවම Web නිර්මාණ කටයුතුවල නියැලෙන අයටත්, Graphic නිර්මාණ කරන අයටත් නිතරම වගේ අවශ්‍ය වෙන දෙයක් තමයි color codes.
Color Code එකක් කියන්නෙ භාවිතයේ පවතින සෑම වර්ණයකටම පරිගණක කටයුතු වලදී එම වර්ණයට ආවේණික දහසයේ පාදයේ (Hexa decimal) කේතාංකයක් ලබාදෙනවා. HTML, CSS හෝ වෙනත් පරිගණක ක්‍රමලේඛන භාෂාවලදී ඒවාට වර්ණ ලබාදෙන්නෙ මේ කේතාංක ක්‍රමයට.
උදා :
  • සුදු වර්ණය : #ffffff
  • කළු වර්ණය : #000000
මේ විදියට සෑම වර්ණයකටම ආවේණික "#" ලකුණ සමඟ කේත 6ක් සහිත code එකක් තිබෙනවා.
ඉතින් මේව මතකයේ තියා ගන්නවා කියන එක නම් ප්‍රායෝගික නොවන දෙයක්. ඒ නිසා මේ ඉතාම කුඩා මෘදුකාංගය ඔබට අවශ්‍ය color code ලබා ගන්න උදව් කරාවි.

267 KB
  • මුලින්ම මේ රතු පාටින් Highlight කරපු කොටුව මතට mouse pointer එක අරන් යන්න..
  • ඒක උඩ click කරාම ඊතලයක හැඩයට pointer එක වෙනස් වේවි.
  • දැන් ඔහොමම click කරගෙනම අවශ්‍ය වර්ණය මතට pointer එක ගෙන එන්න..
  • HTML කියන කොටුවෙ ඒ වර්ණයට අදාල කේතය ඇති.
 

මේ වර්ණ ටික විතරක් නෙවෙයි. ඔහොම click කරගෙනම යම් පින්තූරයක් උඩට ගියත් ඒ වර්ණයට අදාල code එක බලා ගන්න පුළුවන්..