CD/DVD වලට Password දාන්න [GiliSoft Secure Disc Creator]














මෙම GiliSoft Secure Disc Creator මෘදුකාංගයෙන් අපිට ප්‍රධාන කාර්යයන් 3 ක් කරගන්න පුළුවන්..
  1. CD/ DVD වලට password යෙදීම.
  2. ISO image file Burn කිරීම.
  3. Virtual drive සෑදීම.
මේ ක්‍රියාවලියන් තුන වෙන වෙනම මෘදුකාංග අතුරු මුහුණතේ පහලම තියෙන Buttons තුනෙන් ඉටුකර ගන්න පුළුවන්.


මෙහිදී මූලිකවම CD/ DVD වලට password යෙදීම සළකා බලමු.
  • මුලින්ම Secure Disc Creator මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
3.4 MB
  •  සාමාන්‍ය විදියට Install කර ගැනීමෙන් පසුව Register Key එකක් ඉල්ලාවි.. එතකොට පහත serial එක ලබා දෙන්න.
Serial Key :

  • දැන් Blank/empty CD/DVD එකක් ඇතුළු කරන්න.

  • දැන් Add Files button එක මත click කරන්න. එවිට නව window එකක් open වේවි.
  • එහි ඉහල කොටසේ ඔබේ පරිගණකයේ ඇති files සහ, පහල කොටසේ CD/DVD එකේ sections දකින්න ලැබෙනව.

  •  Disk Layout යටතේ Secure Area කොටස මඟින් කියැවෙන්නෙ CD එකෙහි Password එක මඟින් ආරක්ෂා විය යුතු කොටසයි. Public Area යනු ඕනෑම කෙනෙකුට Password නොමැතිව ඇතුළු විය හැකි කොටසයි.
  • මෙහි ඔබට දත්ත ඇතුළත් කිරීමට අවශ්‍ය කොටස මත click කරන්න. ඉන්පසු එහි දකුණු පස අවකාශයට, ඉහල කොටසේ පරිගණකයේ ඇති files drag & drop කරන්න. (ඇද දමන්න)
  • අවශ්‍ය file එකතු කළ පසු මෙම window එක close කරන්න.
  • දැන් පැරණි window එකේ Burn button එක click කළ විට  Secure Area කොටස සඳහා යොදන්න අවශ්‍ය Password එක විමසාවි.
  •  ඔබ කැමති Password එකක් යොදා OK කළ විට CD/DVD එක Burn වීම ආවම්භ වේවී.
  • Public Area කොටසට දැමූ files සාමාන්‍ය විදියට පෙන්වන අතර Secure Area කොටසේ file open කිරීමේදී Password එක විමසාවි..