තමන්ගෙම 3D Games හදන්න [3D Rad Game Maker]












හැමදාම අනුන් හදන Games ගහල ඔයාට ලැබුණ දේ මොකක්ද ? ඒකෙන් ඔයාගෙ නිර්මාණාත්මක හැකියාවක්වත් දියුණු උනාද ? ....... නෑ නේද.. දැන් ඉඳන් ඔයාටත් 3D  Game නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන්, ඉතාම ලේසියෙන්.
සුපිරිම 3D නොවුනත් Need for Speed මුල් කාලෙ ආපු Games වගේ Standard Games මේකෙන් හදන්න පුළුවන්.. Racing Car games විතරක් නෙවෙයි, Air Plane racing Games වගේ උනත් මේකෙන් develop කරන්න පුළුවන්.

තව Shooting Games උනත් ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන්. Sound dub කරන කොට සිංහලෙන්ම voice දුන්නොත් තවත් අගය වැඩි වෙනවා.. 

තමන් නිපදවපු games යාළුවො අතරෙ බෙදා දෙන්නත්, නැත්නම් Multiplayer games හදල යාළුවො එක්කම Play කරන්නත් පුළුවන්. මේ software එක ඕනම configuration එකක් සහිත පරිගණකයක ගැටළුවක් නැතුව run වෙනවා. ඔයාට coding පිළිබඳ කිසි දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ.. ඔක්කොම වගේ mouse click තමයි..

44.12 MB

  • මේක Install කරාම shortcut 2 ක් හැදෙනවා. 3D Rad - The Empty Space කියන එකෙන් තමයි Game එක අපි design කරන්නෙ.
  • 3D Rad Compiler එකෙන් තමයි අපේ Game එක ඕනම පරිගණකයක වැඩ කරන විදියට .exe බවට පත් කර ගන්නෙ. Compile කරාට පස්සෙ ලැබෙන folder එක winRAR මඟි setup එකට බවට හරව ගත්තම අනිත් games වගේ ඔයාගෙ එකත් install කරගන්න පුළුවනි...
මේකෙන් Game නිර්මාණය කරන හැටි ඕන තරම් Tutorial Youtube එකේ තියෙනවා.. මෙතන මූලික කුඩා game එකක් හදන හැටි විස්තර කරල තියෙනවා.