Keyman වෙනුවට Sinhala Key Help










Keyman කියන්නෙ බොහෝ දෙනාට අවශහ් software එකක්. කිසියම් සිංහල font එකකින් office, photoshop වැනි මෘදුකාංග මත ලියන කොට ඉස්පිලි, පාපිලි නිසි පරිදි හැසිරවීම තමයි මේකෙන් සිදු කරන්නේ. නැතිනම් අදාල අකුරු මත හරියට ඉස්පිලි පාපිලි ස්ථාපනය වෙන්නෙ නෑ..

ඒත් මේ keyman software එක windows 7 හා windows 8 සංස්කරණ වලදි බොහොමයක් ගැටළු ඇති කරනවා. crack/patch භාවිතා කරන්නත් වෙනවා. keyman එක්ක හෙළබස මෘදුකාංගයත් අවශ්‍ය වෙනවා. මේක තරමක් පරිගණකයට බර මෘදුකාංගයක් නිසා startup එකටත් වැඩි කාලයක් ගත කරනවා.

මේ සියල්ලටම විසඳුමක් ලෙස තමයි Sinhala Key Help එළිදකින්නෙගගග Keyman වලට වඩා ගොඩක් සැහැල්ලු (light) software එකක් කියන්න පුළුවන්. ඉතා අඩු memory usage එකක් සහිතව ක්‍රියාත්මක වන නිසා ඕනම අඩු performance සහිත පරිගණකයක උනත් භාවිතා කරන්න පුළුවන්. තව keyman මෙන් එක් එක් windows සංස්කරණ වලට එක එක edition අවශ්‍ය වෙන්නෙ නෑ. මේ දැනට එම beta version එක Windows 8, Windows 7, Windows Vista, Windows Server, Windows XP සියල්ලටම එක සමානව සහය දක්වනවා..


471 KB

  • keyman වගේම මේකත් install කරාම system tray එකේ පෙන්වනවා. ඒ මත right click කරල settings වෙත යන්න.
  • දැන් ලැබුණ menu එකේ Enable Startup එකට Tic එකක් දාන්න..





  • මෘදුකාංගය භාවිතා කරන්න අවශහ් උනාම ආපහු system tray එකේ icon එක මත click කරල Enable කරන්න. එතකොට කළු පැහැයට තිබුන icon එක නිල් පැහැයට හැරෙනවා.


උගත් දෙයින් තමන්ගෙ ජාතිය/ භාෂාව නඟා සිටුවීමට කටයුතු කරන, මෙහි නිර්මාණකරු වන "හර්ෂ ඉඳුනිල්" මහතාට අපගේ ආචාරය..