රහස් පණිවිඩ යවන්න [CTI Text Encryption 4.0]






එදිනෙදා කාර්යයන් වලදී අපිට යම් යම් කරුණු තවත් කෙනෙක්ට අනිත් අයට නොදන්වා යවන්න හෝ අනිත් අයට කියවන්න බැරි විදියට තමන් ගාව තියා ගන්න අවශ්‍ය වෙනවා..
මේක password එකක්, දුරකතන අංකයක් එහෙමත් නැත්නම් රහස් පණිවිඩයක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවය මත එය රඳා පවතිනවා..

මේ Text Encryption software එකෙන් UTF-8 ආකාරයේ අපි භාවිතා කරන Text/Numbers හඳුනාගන්න බැරි සංකේත වලට Encrypt කරන්න පුළුවන්. එතකොට කෙලින්ම බලන කෙනෙකුට පේන්නෙ තේරුම් ගන්න බැරි අකුරු ටිකක් බවට පත් කරන එක.. ආපහු ඒක තිබුන අකුරු බවට පත් කරන්නත් ඕන මේ මෘදුකාංගය හරහාම තමයි... ඒ අපැහැදි සංකේත වලට අකමැති නම් සම්පූර්ණ ඔක්කොම ******* ආකාරයට පත් කරන්න පුළුවන්..
මේ සියල්ල save වෙන්නෙ සාමාන්‍ය Text file ආකාරයට (*.txt)

හරි.. දැන් ඔයා මොකක් හරි  Encryption එකක් කරලා තියා ගන්නවා.. තවත් කෙනෙක් ගාව මේ software එක තිබුනොත් එයාට ආපහු Decrypt කරල තියෙන දේ දැන ගන්න එක සුළු දෙයක් නේද ?
ඒකටත් විසඳුමක් තියෙනවා.. මේකෙ Encryption කරන කොට තමන්ට කැමති Password එකක් දීලා Encrypt කරන්න පුළුවන්.. එකක් නෙවෙයි password 4ක් දක්වා උපරිමයක් දෙන්න පුළුවන්.. එතකොට අදාල Text එක බලන්න password 4ම අනිවාර්යෙන් දැන ගන්න ඕන.

කොහොම හරි ඒ password 4ම තවත් කෙනෙක් දැන ගනීවි කියල සැකයක් තියෙනව නම් තමන් කැමති password 2ක් විතරක් දීල ඉතිරි 2කට Computer එකේ processor serial number එකයි Hard disk serial number එකයි දෙන්න පුළුවන්.. අන්තිම password field 2 ඉස්සරහ තියෙන button 2න් ඒ දෙකේ අගයන් ලබා ගන්න පුළුවන්.. ආපහු Decrypt කරන කොටත් ඒ button දෙක click කරාම අදාල fields 2 auto fill වෙනවා.
හැබැයි එතකොට ආපහු ඒ ෆයිල් එක බලන්න පුළුවන් ඒ computer එකෙන්ම විතරයි. නැතිනම් ඒ serial දෙක මතක තියා ගන්න වෙනවා..

  • මේක Portable software එකක් නිසා pen එකක තියන් උනත් වැඩ කරන්න පුළුවන්
251 KB

  • Encrypt කිරීමට පෙර.........
 
 


  • එයම Encrypt කිරීමෙන් පසු..........