Pen එකේ ඉඳන් download කරන්න [IDM/Torrent Portable]

ගොඩක් දෙනා තරමක් විශාල files download කරන්නෙ බොහෝ විට internet cafe එකකින්, එහෙමත් නැතිනම් වෙනත් ආයතන වලින්. ඒත් බොහොමයක් Internet cafe වල IDM හා Torrent software දාන්නෙ නෑ download speed වැඩි උනොත් ඔවුන්ට පාඩු නිසා. අපිට ඒ software install කරන්නත් බෑ admin account access නැති නිසා.
මේවගේ ප්‍රශ්ණ වලට හොඳම විසඳුම තමයි Portable Software භාවිතය. Install කිරීමකින් තොරව කෙලින්ම flash drive එකක තියාගෙන උනත් භාවිතා කරන්න පුළුවන්.
මේ දීල තියෙන්නෙ IDM portable software එක සහ U torrent portable version එක. මේ දෙකම pen එකක තියාගෙන run කරන්න පුළුවන්.
ඒත් download වෙන file එක කෙලින්ම pen එකටම save කරන්න එපා. එහෙම උනොත් download speed එක අඩු වෙනවා. මුලින් Hard disk partition එකකට download කරල පස්සෙ ඒක පෙන් එකට දා ගන්න.
අනිත් කාරණය torrent portable එක නම් Hard එකට copy කරල torrent download කරන එක වඩා හොඳයි. මොකද සාමාන්‍යයෙන් ටොරන්ට් දාන්නෙ ටිකක් වැඩි කාලයක් ගත කරල download කරන්න ඕන files නිසා..
අනිත් කාරණා මේවයි installed version වලට පොදු දේවල්ම තමයි. භාවිතයත් ඒ විදියටමයි.
- IDM Portable version එක
![]() |
4.6 MB |
- U torrent Portable version එක
![]() |
3.6 MB |