ලංකාව පුරාම Postal Codes එකම තැනකින්...
එදිනෙදා විවිධ කටයුතු වලට අපිට තැපැල් කොඨ්ඨාශ අංකය අවශ්‍ය වෙනවා.. ලිපියක් නිවැරදිවම යවන්න අදාල ලිපිනයට යටින් මේ තැපැල් කොඨ්ඨාශ අංකය ලිවීමෙන් පුළුවන් වෙනවා.. උදාහරණයක් විදියට මාසිකව ලැබැන දුරකථන බිල්පත්වල ඔබේ නිවසේ ලිපිනයට යටින් මේ තැපැල් කොඨ්ඨාශ අංකය සඳහන්ව තියෙනවා..
අපි වෙත වෙනත් රටකින් ලැබෙන ලියුමක , භාණ්ඩයක නම් ලිපිනයත් සමඟ මේ තැපැල් කොඨ්ඨාශ අංකය අනිවාර්යයෙන් තිබිය යුතුයි.. Ebay වගේ අඩවි එක්ක ගණුදෙනු කරන අය නම් ඒකෙ වටිනාකම හොඳට දන්නවා.. එහෙම නැතත් දැන් අළුතින් email account එකක් හදන්න ගියත් මේ තැපැල් කොඨ්ඨාශ අංකය ඉල්ලනවා.. බොරු විස්තර වලින් පුරවන්න පුළුවන්, නමුත් අවාසිය තමන්ටමයි..
මේ පොඩි desktop app එකෙන් මුළු ලංකාව පුරාම තැපැල් කොඨ්ඨාශ අංක හොයා ගන්න පුළුවන්.. තමන් අයිති ප්‍රදේශය ඇතුළත් කරාම ඊට අදාල අංකය හෝ අදාල තැපැල් කොඨ්ඨාශ අංකය ඇතුළත් කරාම ඊට අදාල තැපැල් කොඨ්ඨාශය හෝ මේ දෙකම දන්නෙ නැත්නම් සම්පූර්ණ ලැයිස්තුව බලල තමන්ට අවශ්‍ය අංකය හා තැපැල් කොඨ්ඨාශය හොයාගන්න පුළුවන්.
908 KB |