Subtitle ලේසියෙන්ම edit කරන්න [Portable subtitle editor]
Films , TV series දැන් බොහෝ දෙනා බලන්නෙ සිංහල subtitle එක්ක. ඒ වගේම බොහෝ දෙනා subtitle පරිවර්තනයේ යෙදෙනවා.
ගොඩක් දෙනා සිංහල subtitles හදන්නෙ ඉංග්‍රීසි subtitle .srt file එක notepad එකෙන් open කරගෙන වාක්‍යයෙන් වාක්‍යයට පරිවර්තනය කර කර replace කිරීමෙන්. ඒ ක්‍රමයත් ගැටළුවක් නෑ. නමුත් time rate අස්සෙම subtitles තියෙන නිසා වැරදීමේ සම්භාවිතාවය වැඩියි..
ඒකට නිපදවුණු කුඩා සරල software එකක් තමයි මේක. මෙය portable අකාරයට තියෙන නිසා install කරන්න අවශ්‍ය නෑ. Pen drive එකක තියාගෙන උනත් වැඩ කරන්න පුළුවන්..
මේකෙන් ඉංග්‍රීසි subtitle file එක open කරාම වාක්‍යයෙන් වාක්‍යයට ඒක වෙන් වෙනවා. එතකොට අදාල වාක්‍ය select කරල ඒක edit කරගෙන පරිවර්තනය කරන්න පුළුවන්. මේ software එකේ auto google translator පහසුකම මඟින් ස්වංක්‍රීයව භාෂා ගණනාවකට පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් අවාසනාවට තවමත් Google සමාගම සිංහල translate කරන්න පුළුවන් සපසුකම දීල නෑ.
මේක අපි පරිවර්තනය කරාට පසුව subtitle formats 100කට වඩා ප්‍රමාණයකින් save කරගන්නත් පුළුවන්. තවද අදාල video file එකත් එක්ක සසඳමින් subtitle edit කරන්නත් මේකෙ පහසුකම් තියෙනවා.
8.9 MB |