Key-logger වලින් පූර්ණ ආරක්ෂාවට [Zemana AntiLogger 1.9.3.450]




කලින් ලිපියක key-logger එකක් කියන්නෙ මොකක්ද සහ ඒකෙ ක්‍රියාකාරීත්වය ගැන විස්තර කරානෙ.. දැන් මේ දෙන්න යන්නෙ අන්න ඒ key-loggers වලින් බේරෙන්නෙ පුළුවන් software එකක්. මේක Anti-logger එකක්. ඒකියන්නෙ antivirus program එකකින් virus වලට antivirus නිපදවනව වගේ මේකෙන් key-logger bypass කරනවා.
ඔබේ computer එකට ඔබ නොදැනුවත්ව key-logger එකක් install වෙන්න පුළුවන්. බොහෝ විට 3rd party software භාවිතයේදී software එකටම pin කරල key-logger දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර websites අපි නොදැනුවත්වම අපේ data හොරකම් කරනවා. එහෙම websites  හෝ tracking cookies වල ක්‍රියාකාරීත්වය නවත්වන්නත් මේකට පුළුවන්.

මේ anti-logger එක මූලික ක්‍රියාකාරීත්ව 4කින් යුක්තයි.
  • Zemana Anti-KeyLogger - ඔබගේ දත්ත සොරකම් කරන key-loggers සහ spyware programs වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරනවා.
  • Zemana Anti-Screen Logger - ඔබ නොදැනුවත්ව computer එකේ screenshots ගන්නා software, online cookies නවත්වනවා. (සමහර snapshot software මේකෙන් අල්ලනවා. එතකොට ඒ software එකට allow permission දුන්නම හරි )
  • Zemana Anti-Webcam Logger - සමහර software , websites වලින් ඔබේ අවසරයකින් තොරව web camera ON කරන්න පුළුවන් සහ capture කිරීම් සිදුකරන ඒවා නැවැත්වීම.
  • Zemana Anti-Clipboard Logger - ඔබ නොදැනුවත්ව Username, password clipboard වෙත copy කිරීම් වලක්වනවා.
  • System Protection - Computer එකේ දැනට පවතින සහ පිටින් ඇතුළුවීමට උත්සාහ දරන අහිතකර Programs අඩපණ කරනවා.
 මීට අමතරව මේක Virus Guard එකක් විදියටත් ක්‍රියා කරනවා. spyware, Root kits, Trojans, Viruses, Bots, Ad-ware වලින් Computer එක ආරක්ෂා කරනවා.

Zemana Anti-logger 1.9.3.450 මෙතනින් download කරගන්න.

18.4 MB

ඔය setup file එක සාමාන්‍ය විදියට install කරගන්න. Register කරන්න අවශ්‍ය serial code එක මේ key-gen එකෙන් generate කරගන්න.

50 KB