Data Usage එක හරියටම මැන ගන්න [Networx portable]
Limited data packages තියෙන බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි අන්තර්ජාල භාවිතයේදී නොදැනීම data වැයවීම. Dongle භාවිත කරන සමහරු නම් Mobile Partner භාවිතා කරල usage data count කරගත්තට Huawei නොවන dongle වලට ඒක භාවිතා කරන්නත් බෑ. තව SLT broadband connection වලට මේ කිසිම dongle software එකක් භාවිතා කරන්න බෑ. එයාලට තියෙන එකම විසඳුම තමයි SLT website එකෙන් online බලන එක හෝ 3rd party software එකකින් data count කරගන්න එක.
මේ දෙන්නෙත් එහෙම software එකක්. මේක portable නිසා install කරන්න අවශ්‍යතාවයක් නෑ. download කරන් තමන්ගෙ computer එකට ගැලපෙනෙ version එක (32bit or 64bit) තියෙනෙ folder එක extract කරගන්න.
- දැන් ඒකෙ තියෙන networx.exe කියන file එක run කරන්න. එතකොට software එක system tray එකට එනවා.
- ඒකෙ settings තෝරන්න.
- දැන් එන window එකේ start-up windows කියන තැනට tic එකක් දාන්න.
තව ඔයාට data limit එකක් තියල ඒ limit එකට ලඟා වෙද්දි හරි limit exceed වෙද්දි, එහෙමත් නැත්නම් time limit එකක් තියල ඒකෙ limit exceed වෙද්දි massage එකකින් දැනගන්න පුළුවන්.
- ඒකට Quota කියන එකට යන්න ඕන.
- එතනින් එන window එකෙන් ඔයාට ඕන time limit එකක්ද, එහෙමත් නැත්නම් data limit එකක්ද, warning massage එක පෙන්නන්න ඕන සම්පූර්ණ data ප්‍රමාණය ඉවර උනාමද, එහෙමත් නැත්තම් අදාල data/time එකෙන් % කීයක ප්‍රතිශතයක් වැය උනාමද කියල තෝරන්න පුළුවන්.
- ආපහු මුල ඉඳල data usage count කරන්න ඕන නම් reports වෙත ගිහිල්ල Reset කරාම හරි..
3 MB |