Screen Recorde කරන්න පහසුම විදිය [Screen Recorder Portable]
Tutorials හදනකොට වගේම වෙනත් විවිධ කටයුතු වලදී අපිට අපි computer එකේ කරන දේ video එකක් වගේ save කරගන්න අවශ්‍ය වෙනවා. මේකට බොහොමයක් software තිබුණත් සමහර ඒව පරිගණකයට බර වැඩියි. තවත් සමහරක recording frame rate එක ගොඩක් අඩු නිසා video එක කැඩි කැඩි වගේ පේන්නෙ.
මේක නම් ගොඩක් පුංචි, ඊටත් වඩා සරල software එකක්. මේක ඔබට කැමති නම් install කරන් භාවිතා කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් Portable විදියට pen එකක වගේ දාගෙන අවශ්‍ය තැනකට ගෙනිහින් අවශ්‍ය පරිගණකයක install නොකර භාවිතා කරන්නත් පුළුවන්.. (පාසලක, ආයතනයක වගේ ඔබට admin access නැති තැනක භාවිතා කරන්නත් පුළුවන්)
නමුත් මේකෙ voice recording පහසුකම නම් නෑ. ඔයාට Video කරල පස්සෙ ඒක windows movie maker වගේ සාමාන්‍ය video editing software එකකින් voice dub කරගන්න පුළුවන්..
software එක ඕපන් කරල Start Recording දුන්නම record වීම ආරම්භ වෙනව, software එක system tray එකේ පෙන්වනව. record වීම අවසන් කරන්න system tray icon එක මත click කරල හෝ F9 key එක press කිරීමෙන් පුළුවන්.
- Computer එකට install කරන් භාවිතා කරන්න අවශ්‍ය setup එක මෙතනින් ගන්න.
867 KB |
- Portable version එකක් විදියට භාවිතා කරන්න ඕන නම් මෙතනින් download කරගන්න.
563 KB |