සිංහල ලේසියෙන් ටයිප් කරන්න [Realtime Singlish]
කව්රුත් කැමැතියි තමන්ගේ මවු භාෂාව හැම දේටම පාවිච්චි කරන්න. සිංහල කියන්නේ බොහොම වටිනා භාෂාවක්. ඒක නිසා සිංහල භාෂාවට ගොඩක් දෙනෙක් ගරු කරනවා, ආඩම්බර වෙනවා. කව්රුත් අහන, කාටත් ප්‍රශ්නයක් වුනදෙයක් තමයි මේ සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියන එක. මොකද කී බෝර්ඩ් එකේ සිංහල අකුරු තියන තැන් මතක තියාගෙන සිංහල ටයිප් කරන එක ලේසි වැඩක් නෙමේ. හැබැයි ටයිප් සෙටින් වැඩ කරන අක්කලා නම් කී බෝර්ඩ් එක දිහා බලන්නේවත් නැතුව මේ වැඩේ කරනවා. වෙලාවකට ඉරිසියාත් හිතෙනවා බලන ඉන්නකොට ට්කක් වෙලා. මෙන්න මේ ප්‍රශ්න වලට විසදුම් විදියට තමයි SMS ටයිප් කරන විදියට ටයිප් කලාම සිංහලෙන් අකුරු ටයිප් වෙන සිස්ටම් එකක් බිහි උනේ. SMS ටයිප් කරන වැඩේ නම් අපේ අයට අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ නේ? උදාහරණයක් අරන් බලමුකෝ මේ සිස්ටම් ඒක ගැන.
"mama gedara awa wasthuwe" කියල SMS විදියට අපි ටයිප් කරාම "මම ගෙදර ආව වස්තුවේ" කියල සිංහලට හැරවෙනවා. ඔයා ඉංග්‍රීසි අකුරු වලින් වචනේ ටයිප් කරාම සිංහලට හැරෙනවා. හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේක කරන්න ක්‍රම ගොඩක් තියනවා. අපි බලමු එයින් දැනට තියෙන ජනප්‍රියම මෘදුකාංගය ගැන.
ඒවා මොනවද කියල බලන්න කලින් සිංහල යුනිකෝඩ් ඔයාගේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කර ගන්න ඕන. පහල පින්තුරේ උඩ ක්ලික් කරලා සිංහල යුනිකෝඩ් ඔයාගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න. පහල තියන වෙබ් අඩවියට පිවිසීමෙන් පසුව., ඔයාගේ පරිගණකයේ තියන ඔපරේටින් සිස්ටම් එකේ නම තියන පින්තුරේ උඩ ක්ලික් කරලා සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගන්න.
ඔයා මේ Download කර ගනිපු සියබස මෘදුකාංගය භාවිතයෙනුත් ඔයාට සිංහල ටයිප් කරන්න පුලුවන්. හැබැයි අර මම කලින් කියපු SMS විදියට නම් නෙමෙයි. විජේසේකර යතුරු පුවරුවෙ විදියට. වැඩේ ලේසියි. ඉන්ස්ට්‍රෝල් වෙලා ඉවර උනාම ටාක්ස් බා එකෙන් තෝරන්න විතරයි තියෙන්නේ මේ වගේ. ඊට පස්සේ ටයිප් කරන්නයි තියෙන්නේ.
ඒත් ඒක ටිකක් අමාරු වගේම කරදරකාරී වැඩක්. මොකද එක එක ඉංග්‍රීසි අකුරට අදාල සිංහල අකුර මතක තියාගන්න ඕන. ඉස්පිලි පාපිලි දාන්න ගියාම ඊටත් අප්පිරියයි.
හොඳම විසඳුමක් අපි හැමෝම දන්න මධුර ඩික්ශනරිය නිර්මාණය කරපු "චන්දන මධුර කුලතුංග" විසින් නිපදවල තියෙනවා. මේක ගොඩක් සරල හා පහසු නිසාම ජනප්‍රිය උනා කිව්වොත් හරි..
මුලින්ම සොෆ්ටෙයා එක බාගන්න..
690 KB |
සමහර පරිගණක වල Scroll Lock එක නෑ.. එයාලට තමන් කැමති Key එකක් set කරන්න පුළුවන්. කරන්න තියෙන්නෙ Language Shift Key කියන තැන select කරල කරල යොදන්න ඕන key එක press කරන්න විතරයි..
මේකෙන් ඕනම මතුපිටක ඒ කියන්නෙ වෙබ් සයිට් එකක, නෝට් පෑඩ් එකේ එහෙමත් නැත්නම් වර්ඩ් ඩොකියුමන්ට් එකක කෙලින්ම singlish වලින් ටයිප් කරාම නිකන්ම සිංහලට හැරෙනවා.
ඔයාලගෙ පහසුවට ටිකක් අමාරු පටලැවෙන කියල හිතෙන සිංහල අකුරු වලට අදාල ඉංග්‍රීසි අකුරු පහතින් දක්වල තියෙනවා.
අ
|
ආ
|
ඇ
|
ඈ
|
ඉ
|
ඊ
|
a
|
aa
|
ae
|
A
|
i
|
I
|
උ
|
ඌ
|
සෘ
|
සෲ
|
ඏ
|
ඐ
|
u
|
U
|
sru
|
srU
|
lr
|
Lr
|
එ
|
ඒ
|
ඓ
|
ඔ
|
ඕ
|
ඖ
|
e
|
E
|
ei
|
o
|
O
|
au
|
අං
|
අඃ
| ||||
a+q
|
a+Q
| ||||
ක්
|
ඛ්
|
ග්
|
ඝ්
|
ඞ්
|
ඟ
|
k,c
|
K
|
g
|
Gh
|
nq
|
gh
|
ච්
|
ඡ්
|
ජ්
|
ඣ්
|
ඤ්
|
ඥ්
|
ch
|
Ch
|
j
|
jh
|
Kn
|
Gn
|
ට්
|
ඨ්
|
ඩ්
|
ඪ්
|
ණ්
|
ඬ්
|
t
|
T
|
d
| dD |
N
|
DH
|
ත්
|
ථ්
|
ද්
|
ධ්
|
න්
|
ඳ්
|
th
|
Th
|
dh
|
Dh
|
n
|
dH
|
ප්
|
ඵ්
|
බ්
|
භ්
|
ම්
|
ඹ්
|
p
|
ph
|
b
|
bh
|
m
|
B
|
ය්
|
ර්
|
ල්
|
ව්
| ||
y
|
r
|
l
|
v,w
| ||
ශ්
|
ෂ්
|
ස්
|
හ්
|
ළ්
|
ෆ්
|
sh
|
Sh
|
s
|
h
|
L
|
f
|
්‍ය්
|
ZWJ*
| ||||
Y
|
x
|