ලේසියෙන්ම Blog ලියන්න [Windows Live Writer]
Blog ලිවීම මේ වනවිට ලංකාව පුරාමත්, ලෝකයේත් ඉතාම ජනප්‍රිය විනෝදාංශයක්, ඒ වගේම හොද වෘත්තිමය ආදායම් මාර්ගයක් බවට පත් වෙලානෙ.. බොහෝ දෙනෙක් බ්ලොග් ලිවීම කරන්නෙ Browser එක හරහා අදාල blog platform එකට ගිහින් ඒ හරහා.. නමුත් ඇතැම් වෙලාවට browser එකේ යම් යම් දෝශ, Stuck වීම් වගේ තත්ව ඇති වෙන නිසා Image uploading වගේ කරනකොට ඇතැම් වෙලාවට browser එක crush වෙලා සම්පූර්ණ පෝස්ට් එකම නැති වෙන අවස්ථාත් තියෙනවා..
Windows Live Writer කියන්නෙ Microsoft ආයතනයෙන් 2012 වර්ශයේ බ්ලොග් ලියන්නන් සඳහාම නිපදවපු පුදුමයකට වගේ නොමිලේ දෙන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය දැනට ලෝකයේ ඇති ජනප්‍රියම blog platform සියල්ලටම සහය දක්වනව. (Blogger, Type Pad, SharePoint, WordPress & more) අන්තර්ජාලය නැති අවස්ථාවක උනත් post එක ලියල save කරල, පසුව publish කිරීමේ හැකියාවත් තියෙනව. තව සාමාන්‍ය blog platform එකෙන් post editing සම්බන්ධ කටයුතු සියල්ලම browser එකක් නැතුව මේකෙන් කරගන්න පුළුවන්. Image upload, Video upload ස්වයංක්‍රීයව මේකෙන් තනිව සිදු කරනවා. තව blog post එකට smiles විශේෂ java code නැතිව මේකෙන්ම කරන්න පුළුවන්. අපිට ලැබෙන්නෙ සාමාන්‍ය හුරුපුරුදු MS Word Interface එක. ඒකේ සාමාන්‍ය word document එකක් ලියන ආකාරයට post එක ලියල publish කරන්න පුළුවන්..
604 KB |
මේක Install කරන වෙලාවට පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වීම අත්‍යාවශ්‍යයි. මොකද blog එකට සම්බන්ධ වෙන්න ඒකෙන් තව තොරතුරු අරගන්නත්..
- Install කිරීමේදී පහත පියවර අනුගමන කරන්න..
- මෙතනදි Windows Live Writer එක විතරක් Tic කරන්න.
- දැන් ඉතිරි ටික සාමාන්‍ය විදියට Install කිරීම සිදු කරන්න..
- බ්ලොග් එකක් ඇතුලත් කරන කොට මෙහි නිවැරදි තොරතුරු පුරවන්න.
- එච්චරයි.. ඊට පස්සෙ එයා blog template එක සහ තව එයාට අවශ්‍යය තොරතුරු ටිකක් download කර ගනිවි. ඊට පස්සෙ ඉඳන් සාමාන්‍ය විදියට භාවිතා කරන්න පුළුවන්.
අනිත් Blog platform සඳහා එහෙම ගැටළුවක් නැහැ..