ලේසියෙන්ම Screenshot ගහන්න [Lightscreen Portable]
ව්‍යාපෘති සෑදීමේදී, Tutorial , සහ වෙනත් බොහෝ දේවල් වලට අපිට පරිගණක අතුරු මුහුනත් පිටපත් (snapshots) ගන්න ඕන වෙනව. එතකොට බොහෝ දෙනා කරන්නෙ key board එකේ Print/Screen කියන key එක press කරල ඒක paint වගේ තවත් software එකකට paste කරන එක. ඒත් crop කරන්න වගේ දේවල් වලට ඒක අමාරු , කරදරකාරී වගේම කාලය ගතවන වැඩක්.
ඒකට විසඳුමක් විදියට මේ පොඩි portable software එක පාවිච්චි කරන්න පුළුවන්. Portable නිසා install කිරීම් අනවශ්‍යයි. Pen drive එකක තියාගෙන උනත් වැඩ කරන්න පුළුවන්. Computer screen එක සම්පූර්ණයෙන් හෝ තෝරාගනිපු කොටසක screenshot එක click එකෙන් ගන්න මේකෙන් පුළුවන්..
ඒ වගේම කැමති image file format එකකින් ලබා ගන්නත් පුළුවන්.
5.18 MB |
download කරගනිපු folder එක extract කරල කැමති තැනකින් save කර ගන්න. Screenshot ගන්න අවශ්‍ය වෙලාවට ඒකෙ තියෙන lightscreen.exe කියන file එක run කරන්න.
- Option button එක click කරල ලැබෙන menu එකේ General tab එකේ screenshot name, save location, image format තමන්ට කැමති විදියකට වෙනස් කරගන්න.
- Hot keys යටතේ තියෙන්නෙ screenshot එක ගහන්න භාවිතා කරන keys.
- Printscreen - සම්පූර්ණ screen එකම screenshot ගන්න
- Alt + Printscreen - දැනට භාවිතාවන window එකේ screenshot ගන්න
- Ctrl + Printscreen - කැමති තෝරාගත් කොටසක පමණක් screenshot ගන්න