Mobile Partner Black Edition
Dongle එකක් සාමාන්‍යයෙන් අපි ගන්නෙ mobitel,dialog වගේ ISP කෙනෙක්ගෙන්. එයාලා ඒකට දාල තියෙන්නෙ එයාලගෙම සොෆ්ට්වෙයා එකක්. එහෙම නැතුව කඩෙන් කෙලින්ම ඩොංගල් එකක් ගත්තත් ඒකෙන් පුළුවන් internet connect වෙන්නයි sms යවන්නයි විතරයි.ඒත් ඔබ දන්නවද ඕනම dongle එකකට සාමාන්‍ය mobile phone එකකින් කරන්න පුළුවන් සියල්ල කරන්න පුළුවන් බව ?
ඒත් ඒ පහසුම් සියල්ල අර දාල තියෙන software එකෙන් limit කරල තියෙන්නෙ..
ඒකට හොඳම විසඳුම තමයි dongle එකටත් හානියක් කරගන්නෙ නැතුව වෙනම මේ software එක පරිගණකයට install කරගැනීම.
Mobile Partner කියන්නෙ දැනට ඒ සඳහා තියෙන හොඳම software එක කිව්වොත් නිවැරදියි. මේ අද දීල තියෙන්නෙ Mobile Partner software එකේ Black Edition එක. කලින් skin එකට වඩා මේක ගොඩක් ලස්සනයි...
software එක සාමාන්‍ය විදියට install කරගන්න. ඊට පස්සෙ dongle එක පාවිච්චි කරනකොට open වෙන dongle එකේ software එක close කරල Mobile Partner එක open කරගන්න.
24 MB |
මේකෙන් dongle එකේ ලැබෙන අමතර function කිව්වොත්:
- Voice Call
- Video Call /3G Call
- GPS
- SMS
- MMS
- USSD (#132# වගේ command run කරන එක)
- Phone-book
- Call Log
- Detailed Connection History