Firefox Saved Password ලේසියෙන්ම backup කරන්න..












දැනට ලංකාවේ වගේම ලෝකයේ බහුලවම භාවිතා කරන browser එක තමයි Firefox.. Firefox භාවිතයෙන් නිතරම username / password භාවිතා කරල log වෙන web අඩවි වලට නිතරම password ඇතුලත් කරන්න අකමැතිකම හා අපහසුව නිසාම බොහෝ දෙනා කරන්නෙ ඒ username එකට අදාලව password එක browser එකේම save වෙන්න දෙන එක.

ඇත්තටම සමහර අයට තමන්ගෙ password මතක හිටින්නෙත් නෑ.. කොහෙවත් සටහන් කරගන්නෙත් නෑ browser එකෙන් auto password field fill කරන නිසා.. ඒත් යම් හේතුවක් නිසා පරිගණකය format කරන්න උනොත් හෝ ක්‍රියා විරහිත උනොත් ??

ඒකට විසඳුමක් විදියට තමන්ගෙ ඔක්කොම password හා username backup එකක් තියා ගන්න එක හොඳයි. මේ කුඩා මෘදුකාංගයෙන් ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්.. ඔබගේ පහසුවට අපි ඒක portable ආකාරයට setup කරල තියෙන්නේ..
1.97 MB

ඔයාට කරන්න තියෙන්නේ software එක Run කරල search button එක Click කරන්න විතරයි.. එසැනින් saved password සියල්ලම සියළු විස්තර ඇතුළත්ව ඔයාට දකින්න ලැබෙයි..
දැන් Save වෙත ගිහින් මේ සියල්ල Text file එකක් විදියට save කරගන්න ඔයාට පුළුවන්..



දැන් ඊළඟ ගැටළුව වෙන්නෙ කවුරු හරි මේක pen එකකට දාගෙන ඇවිත් ඔයාගෙ password ලේසියෙන්ම සොරකම් කරොත් කියන එක..
ඒකට විසඳුමක් විදියට ඔයාගෙ Firefox browser එකට Master Password එකක් යොදාගන්න පුළුවන්..

ඒක කරන්නෙ,
  • Firefox >> Options >> Security >> Use a Master Password කියන තැන Tic කරන්න..
Master Password එකක් දාල නම් ඒක Remove නොකර මේකෙන් password ලබා ගන්න බැහැ..


User name හෝ Password කිසිම දෙයක් පෙන්වන්නෙ නැහැ එතකොට...

මෙම මෘදුකාංගයේ Google chrome සඳහා වන සංස්කරණය ලබා ගැනීමට >> ChromePass