Bootable USB Flash Drive එකක් හදමු



මේක Windows 8 වගේම Windows 7 වලටත් අදාලයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Bootable USB Flash Drive එකක් හදන්නේ කොහොමද කියලා. මේ විදියට Windows 8 වගේම Windows 7 වලිනුත් Bootable USB Flash Drive එකක් හදා ගෙන ඔයාගේ පරිගනකය ෆෝමැට් කර ගන්න පුලුවන්. මම දැන් කියල දෙන්නේ Windows 8 වලින් මේක හදා ගන්න විදිය විතරයි. ලොකු වෙනසක් නෑ. ඔයාට තනියම Windows 7න් එකත් හදා ගන්න පුලුවන්. මුලින්ම බලමු මොකක්ද මේ Bootable USB Flash Drive එකක් කියන්නේ?
Bootable USB Flash Drive එකක් කියන්නේ Bootable CD එකක් වගේම තමයි. CD එකෙන් කරන වැඩේ USB Flash Drive එකෙන් කරන එක විතරයි වෙනස. ඇයි අපිට මෙහෙම කරන්න වෙන්නේ? ඔයාගේ ROM එක වැඩ කරන්නේ නැත්නම්, DVD ROM එකක් නැත්නම් ඔයාට මේක ගොඩක් ප්‍රයෝජනවත්. ඒ වගේම DVD එකකට සල්ලි වියදම් කරන එක අපරාදේ කියලා හිතන අයටත් මේක ගොඩක් වැදගත්. මොකද අපි අන්තර්ජාලය හරහා Download කරගන්න ඉමේජ් ෆයිල් එක DVD රයිට් කර ගන්න වෙනවනේ බූට් කරන්න නම්. දැන් කරන්න තියෙන්නේ පෙන් එකක් හොයා ගන්න එක විතරයි. පෙන් එකට මේක දාන්න වෙනම මෘදුකාංගයක් භාවිතා කරනවා. නිකම්ම පෙන් එකට කොපි කරා කියලා වැඩක් නෑ. බොහොම පොඩි Software එකක් Install කරලා වැ‍ඩේ කර ගන්න තියෙන්නේ. මේක නොමිලේ දෙන මෘදුකාංගයක්. ඒක නිසා ක්‍රැක්, සීරියල් මුකුත් නෑ. WiNTo Bootic තමයි මේකේ නම. 4GB පෙන් එකක් හෝ ඊට වැඩි ධාරිතාවයකින් යුතු පෙන් එකක් වැඩේට ඕනි වෙනවා. මතක ඇතිව පෙන් එක ෆෝමැට් කරන්න මේ දේවල් කරන්න කලින්. මොකද පෙන් එකේ තියන දේවල් ඔක්කොම Delete වෙනවා මේ වැඩේදි.


728 KB


දැන් සමහර අයට Windows 8 Download කර ගන්න ඕනි ඇති නේ?

Download links for Windows 8 RTM Pro :

ඉතුරු ඔක්කොම වැඩ ටික මේ පහලින් තියන වීඩියෝ එකේ තියනවා. මම හදපු එකක් නම් නෙමෙයි සත්භාවයෙන් උපුටා ගත්ත වීඩියෝ එකක්. කව්රු උනත් මේක හදපු කෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන වීඩියෝ එක බලලා වැඩ ටික කර ගන්න.